අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකික මහනාහිමිනමක් විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH ලොව භාවනාව පිළිබඳ හොඳම අත්පොත පොත් 8 අතරට

    අප්‍රේල් 26, 2023

    උතුරු අමරිකාවේ ප්‍රධාන සංඝනායක, මහාචාර්ය, අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH ග්‍රන්ථය ලොව භාවනාව පිළිබඳ හොඳම අත්පොත පොත් 8 අතරට නම් කරනු ලැබ ඇත.


    The Newyork Times පුවත්පත විසින් කළ පර්යේෂණයකින් අනතුරුව අප්‍රේල් මස 22 ඉරිදා එම පුවත්පත මෙය ප්‍රකාශයට පත් කර තිබේ.
    1994 වර්ෂයේ රචිත මෙම ග්‍රන්ථය මේ වන විට භාෂා 32කට පරිවර්තනය වී ඇත.
    වසර 10ක් පුරා අමෙරිකාවේ වැඩියෙන්ම අලෙවි වන (Best Seller) කෘතියක් ලෙස පළ වූ කෘතියක්.
    මෙම ග්‍රන්ථයේ මිලියන 10කට ආසන්න ඉංග්‍රීසි පිටපත් සංඛ්‍යාවක් මේ වන විට ප්‍රකාශයට පත් වී ඇති බව සමීක්ෂණවල සඳහන් වේ.
    “සතිමත්බව වැඩීම” යනුවෙන් එය සිංහල භාෂාවට පරිවර්තනය වී තිබේ.
    ශ්‍රී ලාංකිකයෙකුගේ ග්‍රන්ථයක් එම පුවත්පතේ පළ වූ පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලාංකිකයෙකුගේ කෘතියක් මෙපමණ භාෂා සංඛ්‍යාවකට පරිවර්තනය වූ පළමු අවස්ථාව මෙයයි.
    වයෝවෘද්ධතම සහ ජ්‍යෙෂ්ඨතම භික්ෂූණ් වහන්සේ හැටියට ලොවම පිළිගෙන තිබෙන්නේ 95 හැවිරිදි වියෙහි පසුවන අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නායක මාහිමිපාණන් වහන්සේයි.
    උන්වහන්සේ විසින් දැනට ග්‍රන්ථ 15කට ආසන්න ප්‍රමාණයක් රචනා කර තිබෙන අතර මෙම සෑම ග්‍රන්ථයක්ම අවම වශයෙන් එක් භාෂාවකට හෝ පරිවර්තනය වී තිබීම විශේෂත්වයකි.
    free PDF online මෙම දිගුවෙන් ග්‍රන්ථය පරිශීලනය කළ හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya