අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රහස් සංධ්වනිය" ( secret symphony ) සංස්කෘතික ප්‍රසංගය මාර්තු මස 23 වැනි දින

    පෙබරවාරි 20, 2023

    සෞන්දර්ය කලා විශ්වවිද්‍යලය සංවිධානය කරන "රහස් සංධ්වනිය" ( secret symphony ) සංස්කෘතික ප්‍රසංගය මාර්තු මස 23 වැනි දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවත්වීමට සියලු කටයුතු සූදානම් බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ( ආචාර්ය) රෝහණ .පී.මහලියනආරච්චි මහතා පවසයි.

    සංගීත , නර්තන , නාට්‍ය හා රංග කලා , බහුමාධ්‍ය කලා ආදියෙන් එම ප්‍රසංගය සමන්විත අතර නළු නිළියන් සියයකට අධීක පිරිසක් , තිහකට අධික වාද්‍ය ශිල්පීන් , සහ අත්වැල් ගායනා කණ්ඩායම ඇතුලු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වේ.

    මෙම පිරිස් සියලු දෙනා එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් , විද්‍යාර්ථීන් සහ ආදී විද්‍යාර්ථීන් වේ.

    මෙම ප්‍රසංගයේ අධ්‍යක්ෂවරයා ලෙස මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු මහතා කටයුතු කරන අතර සහය අධ්‍යක්ෂවරයා ලෙස මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා කටයුතු කරන අතර සංගීත අධ්‍යක්ෂවරයා ලෙස මහාචාර්ය කෝලිත භානු දිසානායක මහතා කටයුතු කරයි.
    ඉදිරියේදී මෙම ප්‍රසංගය පාසල් දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සෞන්දර්ය කලා විශ්විවච්‍යාලය අපේක්ෂා කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya