අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකු කලා කවයේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනේ

    මාර්තු 31, 2014

    මහජන බැංකු කලා කවයේ මහ සභා රැස්වීම පසුගියදා මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ඒ.ඒ.ආර්.එස් සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී 2014 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය නිතරගයෙන් තේරී පත්විය.

     

    ඒ අනුව එල්.කේ.ඩබ්ලිව් සූරියබණ්ඩාර ( ප්‍රවාහන දෙපාර්තමේන්තුව) සභාපති ලෙසත්, පුබුදු සිරිසෝම (සුබසාධක දෙපාර්තමේන්තුව), ලේකම් ලෙසත්, එච්.බී.රඹුක්වැල්ල ( මධ්‍යගත පසුතල කාර්යාලය) භාණ්ඩාගාරික ලෙසත්, එම්.එච්.ඩබ්ලිව්.එස්.තිලකරත්න (සැපයීම් දෙපාර්තමේන්තුව) ප්‍රධාන සංවිධායක ලෙසත්, වී.පී.දයාරත්න (මැදපාර ශාඛාව) සහ ශිවා තිලෙයිනාදන් (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු) යන අය උප සභාපතිවරුන් ලෙසත්, රමේන්ද්‍ර විතානගේ ( මධ්‍යගත පසුපෙළ කාර්යාලය) සහ නිලංක ප්‍රසාද් ඒකනායක ( අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව) යන අය උපලේකම්වරුන් ලෙසත්, මෙහිදී තේරී පත්වූහ.

    මීට අමතරව කාරක සභා සඳහා  19 දෙනෙක් තෝරා පත් කර ගනු ලැබූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya