අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය

    නොවැම්බර් 01, 2016
    මාතර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර - වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    මෙහි දී සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ දී  පාසල් හා විවෘත අංශයේ තරඟ වලින්  ජයග්‍රහණය කළ අයට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම සිදු කෙරිණි.
     
    සංගීත රස වින්දන වැඩසටහන ආචාර්ය කරුණාරත්න විජේවර්ධන මහතා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සිදු කරනු ලැබීය.
     
    මහින්ද රාජපක්ෂ විද්‍යාලීය දරු දැරියන්ගේ පූජා නර්තනය සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කලා නිර්මාණ තරඟයේ ප්‍රථම ස්ථානය ලබාගත් රෝහණ විශේෂ පාසලේ දරුවන්ගේ නර්තනය ද ඉදිරිපත් කෙරිණි.
     
    මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, සාහිත්‍ය තරඟ ජයග්‍රාහකයින්, කලාකරුවන්, පාසල් දරු දැරියන් හා ප්‍රදේශවාසීන් සහභාගි වී සිටියහ.
     
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය සංවිධානය කරන ලදි.
     
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya