අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල් දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය හෙට

    ඔක්තෝබර් 30, 2016

    කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය හෙට (31) පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා සඳහන් කරයි.

    කියවීමේ මාසය මුල්කොට ගනිමින් මෙදින“ කෑගලු ශ්‍රී විභූතිය විදහා දැක්වෙන පුර පෙර විස්කම්“ කාව්‍යමය ග්‍රන්ථය එළි දැක්වීමට කටයුතු යොදා ඇති අතර දිස්ත්‍රික් සාහිත්‍ය තරග වලින් ජය ලැබූවන් සදහා සහතික පත් පිරීනැමීමට ද කටයුතු කෙරේ.

    මෙහිදී “ වින්දනීය ජීවිතයක් උදෙසා සිංහල ගීතය“ යන මැයෙන් සාහිත්‍ය දේශනය , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් විජේසිරි මහතා විසින් සිදු කිරීමට නියමිතය.

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සබරගමු පළාත් සභාව හා දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන මෙවර දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය ගායනය, නර්තනය, රංගනය ඇතුළු විවිධ කලාංගයන්ගෙන් සමන්විත වේ.

    DMU- KEGALLE

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya