අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාත්මක සොයාගැනීම් එළිදැක්වීමක් සහ ප්‍රදර්ශනයක්

    ඔක්තෝබර් 25, 2016

    ගල් යුගයේ මිනිසා දේශගුණික වෙනස්කම් වලට දැක්වු අනුවර්තනයන් පිළිබඳව සිදුකළ පර්යේෂණයකදී තහවුරු කරගත් විද්‍යාත්මක සොයාගැනීම් එළිදැක්වීම සහ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ සඳහන් කරයි.

    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනමේ පර්යේෂණ ප්‍රදානයක් මත මහාචාර්ය රාඡ් සෝමදේව මහතා විසින් ගල් යුගයේ මිනිසා  දේශගුණික වෙනස්කම් වලට දැක්වු අනුවර්තනයක් පිළිබඳව සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයේදී ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.

     

    ශ්‍රි ලංකා ඉතිහාසය ආරම්භ වන්නේ උතුරු ඉන්දීය සංක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස බවට සාම්ප්‍රදායික මතයක් ඇතත්, මෙම අධ්‍යනයට ආදාළව බලන්ගොඩ ප්‍රදේශයේදී සිදුකෙරුණු පර්යේෂණයේ විද්‍යාත්මක සොයා ගැනීම් වලින් ඉහත මතයට අභියෝග කළහැකි අන්දමේ ‍‍ඓතිහාසික සාක්ෂි මහාචාර්ය රාඡ් සෝමදේව මහතා විසින් අනාවරණය කරගෙන ඇත.

     

    එසේම මෙම පර්යේෂණයේ දී වසර 6000ක් පැරණි ධාන්‍ය වර්ග, පැරණි ආභරණ , සියුම් තාක්ෂණීක මේවලම් ආදී එකල ජීවත් වු මිනිසුන් විසින් පරිහරණය කරන ලද භෞතික සම්පත් මෙන්ම, මීට අවුරුදු 6000 කට පෙර කාල වකවානුවේදී කඳුකර ප්‍රදේශවල දේශගුණික වෙනස්කම් වලට ප්‍රතිචාරයක් ලෙස මෙරට ගල් යුගයේ මිනිසුන් තාක්ෂණික - සංස්කෘතික පරිවර්තනයක් දෙසට යොමු වු ආකාරය මනාව පැහැදිලි කරගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya