අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉ-ස්වාභිමානී 2016 - සම්මාන ප්‍රදානෝත්සවය 31දා

    ඔක්තෝබර් 25, 2016
    දේශීය තොරතුරු තාක්‍ෂණ මෘදුකාංග අන්තර්ගතයන් හා නිමැයුම් ජාතික වශයෙන් අගය කිරීම වෙනුවෙන් පැවැත්වෙන ඉ-ස්වාභිමානී 2016 ඉ-සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය 31 දා පස්වරු 6.30ට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, එම නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.
     
    මෙම සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් හය වන වරටත් සංවිධානය කරනු ලබයි.
     
    ඉ-ස්වාභිමානී 2016 ඉ-සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය සඳහා නාම යෝජනා රැසක් මෙවර ද ලැබී තිබු බවත් දෙස් විදෙස් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් අවසන් වටය සඳහා තෝරා ගන්නා ලද නිර්මාන 42ක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලබන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.
     
    ඉ-රාජ්‍ය හා විවෘත දත්ත, ඉ- සෞඛ්‍ය හා පරිසරය, ඉ-ඉගෙනුම් හා විද්‍යා, ඉ-විනෝදාස්වාදය හා ජීවන රටාව, ඉ-සංස්කෘතික හා සංචාරක ව්‍යාපාරය, ඉ-මාධ්‍ය හා ප්‍රවෘත්ති, ඉ-ව්‍යාපාර හා වානිජ්‍ය, ඉ-අන්තර්කරණය හා සවිබල ගැන්වීම, ජංගම දුරකථන සඳහා අන්තර්ගතයන් යන ක්ෂේත්‍ර 09ක් යටතේ තරගකරුවන් සිය නිර්මාණ ඉදිරිපත් කර තිබේ.
     
    මෙම සම්මාන ප්‍රදානයට පාත්‍ර වන නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාවද උදාවන බව නියෝජිතායතනය සඳහන් කරයි. 
     
    www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ ව වැඩිවිස්තර දැනගත හැකිය.
     
    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති චිත්‍රාංගනී මුබාරක් නියෝජිතායතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ මුහුන්දන් කනගි අමාත්‍යංශ ලේකම් වසන්ත දේශප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya