අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් නිල උත්සවය මැයි 13දා

    ඔක්තෝබර් 23, 2016
    ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් නිල උත්සවය ලෝකයේ සියලු බෞද්ධ රටවල රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් 2017 මැයි 13දා කොළඹදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව ජනාධිපතිතුමා පවසයි.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (22) පස්වරුවේ මතුගම, බෝපිටිය, සිරි ඉන්ද්‍රසභා පිරිවෙන් විහාරස්ථානයේ පැවති පු‍ණ්‍යෝත්සවයකට එක් වෙමිනි.
     
    අපේ රට අද දවසේ මෙන්ම හෙට දවසේ ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා තිබෙන එකම සම්පත වන්නේ ථෙරවාදී බුදු දහම බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ථෙරවාදී බුදු දහම ලෝකයට ගෙන යාමේ මූලස්ථානයක් බවට ශී‍්‍ර ලංකාව පත් කිරීමේ කටයුතු ද ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල හා සමගාමීව කි‍්‍රයාත්මක කරන බව කියා සිටියේය.
     
    ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක ධූරයෙන් පිදුම් ලද අතිපූජ්‍ය බෝපිටියේ ඥානාවාස අනු නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීම වෙනුවෙන් මෙම පුණ්‍යෝත්සවය සංවිධානය කර තිබුණි.
     
    අභිනව අනුනායක ස්වාමින් වහන්සේ වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වූ ජනාධිපතිතුමා උන්වහන්සේගේ ශාසනික සහ සමාජයීය සේවාව ද ඇගයීමට ලක් කළේය.
     
    අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉදිරියේදී මතුවිය හැකි විදුලිබල අර්බුදයට විසඳුමක් වශයෙන් ස්වාභාවික සම්පත්වලින් විදුලිය උත්පාදනය කෙරෙන පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා නව ජාතික වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට රජය කටයුතු කර තිබෙන බවයි.
     
    හිරු එළියෙන් විදුලිය නිෂ්පාදනය කෙරෙන සෝලා විදුලි උත්පාදනය සඳහා මේ වන විට රජය යොමුව තිබෙන අතර විදුලි උත්පාදනය සඳහා ගිනිසිරීයා පැළ සිටුවීමේ ජාතික වැඩසටහනක් ද දීප ව්‍යාප්තව පසුගියදා ආරම්භ කළ බව ජනාධිපතිතුමා පැවසීය.
     
    ගිනිසිරීයා පැළ සිටුවීමේ ජාතික වැඩසටහන ඉතාමත් කුඩා කටයුත්තක් ලෙස ඇතැමුන්ට පෙනනුද එය විධිමත් අයුරින් කි‍්‍රයාවට නැංවීමෙන් සාර්ථක වැඩපිළිවෙළක් කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය රටේ අනාගතය වෙනුවෙන් කෙරෙන දැවැන්ත ආයෝජනයක් වනු ඇති බව ද සඳහන් කළේය.
     
    රටක් ලෙස සිදුකළ යුතු ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් සිදු කරමින් රට ඉදිරියට ගෙන යාමට පසුගිය මාස 20 තුළ රජය කැපවූ බව සඳහන් කළ ජනාධිපතිතුමා ස්වාධීන, ශක්තිමත් රටක් ලෙස ශී‍්‍ර ලංකා මාතෘ භූමිය ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ බව ද කියා සිටියේය.
     
    රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය ද අමාත්‍ය මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන 
     
    මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් සහ ප‍්‍රදේශවාසී විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya