මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් මස 13 වෙනි දා ඇරඹේ

    ඔක්තෝබර් 21, 2016
    ශ්‍රී පාද වන්දනා වාරය 2016 දෙසැම්බර් මස 13 වෙනි දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනෙන් ආරම්භ කර 2017 වෙසක් පුර පසළොස්වක පොහොය දින දක්වා පැවැත්වේ.
    මෙවර ද පසුගිය වර්ෂවල මෙන්ම සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ ශ්‍රී පාදස්ථානය දක්වා වැඩමකරලීමේ රිය පෙ‍රහැර උසස් අන්දමින් සිදු කිරිම හා ශ්‍රිපාද වාරය තුළ සැදැවතුන්ට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුව ඇත.
     
    ඒ අනුව, පෙරහැර සංවිධානය හා පූජා පැවැත්වීමේ කටයුතු සංවිධානය කර ගැනීම සඳහා වන සාකච්ඡාවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී ශ්‍රීපාදස්ථානාධිපති,පැල්මඩුල්ල රජමහා විහාරයේ හා රත්නපුර පොත්ගුල් රජමහා විහාරය යන උභය විහාරාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ සහභාගීත්වයෙන් 2016-10-21 වන දින පස්වරු 2.00 ට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya