අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “පැහැසර අරුණ” බදුල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය 25 දා

    ඔක්තෝබර් 22, 2016
     “පැහැසර අරුණ” බදුල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය 2016.10.25 දින පෙරවරු 8.30 ට බදුල්ල සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
     
    2016 වර්ෂයේ ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ නිර්මාණශීලීත්වයෙන් හෙබි දූ දරුවන්ගේ හා සෙසු නිර්මාණකරුවන්ගේ  නිර්මාණශීලී කුසලතාවයන් ඔප්නැංවීමට මංපෙත් විවරකිරීම, ළමා හා තරුණ පරපුරෙහි සාහිත්‍ය  කලා රුචිකත්වය වර්ධනය කර ඔවුන් නිර්මාණකරණයට යොමු කිරීම, ජනතාව තුළ සාහිත්‍ය කලාව හා සංස්කෘතිය පිළිබඳව ප්‍රබෝදයක් ඇති කිරීම හා පොදුවේ යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා සාහිත්‍ය හා කලාව උපයෝගී කරගැනීම යන අරමුණු මුල්කර ගෙන මෙම සාහිත්‍ය උත්සවය පැවැත්වේ.
     
    මීට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සාහිත්‍ය තරඟාවලි, උත්සව හා වැඩසටහන්  පැවැත්විණි.  එමෙන්ම පාසැල් සිසුන් හා සෙසු නිර්මාණකරුවන් උදෙසා ගද්‍ය, පද්‍ය, කෙටිකථා හා ගීත රචනා යන අංශයන්ගෙන් තරඟ පවත්වා ජයග්‍රාහී නිර්මාණ සඳහා සහතික සහ ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදුකෙරේ.
     
    වර්තමානයේ අපගේ අතීතතය හා බැදුණු ජනශුතිවල වටිනාකම වැඩිවැඩියෙන් ඉස්මතුවෙමින් පවති. යහපත් සමාජ සාරධර්මයන් ඉස්මතු කරගැනීම සඳහා මේ පිළිබඳව අපගේ දූ දරුවන් දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බැවින්, මෙවර සාහිත්‍ය දින ප්‍රධාන දේශනයෙන්  ජනශුති පිළිබඳව සාහිත්‍ය ලෝලීන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත.  ‍ඒ අනුව මෙවර ප්‍රධාන සාහිත්‍ය දින දේශනය “ජනශුති හා සබැදුණු සිංහල ජන සමාජය” මැයෙන්  “ප්‍රවීන ජනශුතිවේදී මහින්කුමාර දළුපොත මහතා” විසින් සිදුකිරීමට නියමිතව ඇත. ජන සමාජයේ යහපැවැත්මට සාහිත්‍ය හා කලාවේ බලපෑම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමටද මෙහිදී බලාපොරොත්තුවන අතර ඒ සඳහා “ජීවිතයේ රසභාව මතුකරණ සාහිත්‍ය” මැයෙන් කැළණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යය තරිදු ධනංජය මහතාගේ සහභාගීත්වයෙන් රසවින්දනාත්මක වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
     
    පාසැල් සිසුන්ගේ හා ජනතාවගේ රසඥතාවය වර්ධනය කිරීම හා පොදුවේ යහපත් සමාජයක් ගොඩනැගීම සදහා සාහිත්‍ය හා කලාව උපයෝගී කරගැනීම පුමුඛ අරමුණු කරගත් මෙම දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ උපදෙස් පරිදි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කෙරේ.
     
    AP/DMU-Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya