අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුවිට ප්‍රාදේශිය සාහිත්‍ය මහෝත්සවය ගැමි සාහිත්‍ය උළෙලක් ලෙස බටතොට දී.

    ඔක්තෝබර් 20, 2016
    තොරතුරු පණත පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබෙන හෙයින් රාජ්‍ය ආරක්ෂාව හා අධිකරණයට සම්බන්ධ යම් කරුණු හා ‍තොරතුරු හැර අන් ඕනෑම තොරතුරක් ලබා ගැනීමට දැන් මහජනතාවට අයිතිය ලබා දී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පැවසීය.
    ඒ මහතා එසේ පැවසුවේ බට‍තොට ආනන්ද ධර්ම විහාරය දී පැවැති කුරුවිට ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වෙමිනි. 
    මෙහිදි තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද පැවසීය. 
     
    ළඟදීම රජය මගින් රජයේ සෑම කාර්යාලයක් සඳහාම තොරතුරු නිලධාරීන් පත් කෙරේ. ඒ සමඟම මහජනයාට තොරතුරු ලබා ගැනීමේ දොරටු විවෘත වේ. එලෙස තොරතුරු ලබා දීමේ දී මෙතෙක් ආයතන සංග්‍රහයේ පැවැති ඇතැම් වගන්තීන් ද ආයතන වල වාරණයන් ද මේ අනුව සංශෝධනයට ලක් වේ.රාජ්‍ය ආයතනයකින් මහජනයාට දැන ගැනීමට අවශ්‍ය තොරතුරක් ඉල්ලා සිටින විට කිසිදු අයුරකින් ප්‍රතික්ෂේප කිරිම කළ නොහැකිය.
     
    සාහිත්‍ය ගැන කතා කිරිමේ දී යම් නිවසක එක පොතක් හෝ නොමැති නම් එය ගෙදරක් නොවන බව ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු වන කුෂ්වාන්ත් සිං පවසා තිබේ. ඔහු තමා වෙත රජයෙන් පිදුනු රත්න භෝෂණ සම්මානය පවා පිළිනොගත් අයෙකි. සාහිත්‍ය හා සංස්කෘතික උළෙල වලදී දැක්වෙන මෙබඳු කලා හැකියා හා ප්‍රතිභාවන් විශේෂයෙන්ම ළමා පරපුර තුළ ඉහළ මට්ටමක ඇත. 
     
    යහපත් සංහිඳියාව සඳහා සංස්කෘතිය උපයෝගි කර ගැනීමට මෙබඳු කලා මංග්‍යලයන් තුළින් සිදුවන මෙහෙය ඇගයිය යුතුය. කවිය ගැන කතා කිරිමේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  කෘෂී විද්‍යා පීඨයේ දී එවක උපාධි අපේක්ෂකයෙකුව සිටියදි කුමාර හෙට්ටිආරච්චි නම් කවියා ලියු කෙටි කවි මගේ මතකයේ තවමත් රැව්දේ. විශේෂයෙන් එකපේළියකට තනිඅකුරේ වදන් 4ක් පමණක් යොදමින් පේළි දෙකකින් නිම වූ ධර්මද්විපය මැයෙන් ලියු ඩොං ඩොං ඩොං ඩොං යන පේළියෙන් වෙඩි හඬද ටං ටං ටං ටං පේළියෙන් ආගමික ස්ථාන වලින් නැඟෙන ගණ්ඨාර නාදයන් ද එයින් ව්‍යංග්‍යාර්ථවත් කොට ලියු අගනා කවියෙකි. 
     
    කුරුවිට සංස්කෘතිය බලමණ්ඩලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව පැවැති මෙම උළෙලේ ප්‍රධාන දේශනය ප්‍රසාද් මංජුල කලාශීල්පියා විසින් පැවැත්වීය. ඒ.එස්.ජේ.ගොඩැල්ලවත්ත මහතා ද මෙහිදි අදහස් දක්වන ලදි.රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම මහතා ද සභාව ඇමතීය.
     
     
    මේ අවස්ථාවට කලාශිල්පීන්, පාසැල් ගුරුභවතුන් හා සිසු සිසුවියන් ද, මාධ්‍යවේදීන් ද කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, සංස්කෘතික කාර්ය මණ්ඩලය ද රජයේ නිලධාරින් ද ප්‍රදේශවාසීන්හු රැසක් ද සහභාගි විය.
     
    AP/DMu-Ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya