අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “කියවන රටක් දැනුමැති හෙටක්” ජාතික උත්සවය වව්නියාවේදී

    ඔක්තෝබර් 14, 2016

    මෙම වසරේ සමාරම්භක උළෙල “කියවන රටක් දැනුමැති හෙටක්” තේමාව යටතේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වව්නියා නගර සභා සංස්කෘතික ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    2004 වසරේ සිට සෑම වසරකම ඔක්තෝම්බර් මාසය, ජාතික කියවීමේ මාසය ලෙස රජය විසින් නම් කර ඇත.

    ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ජාතික කියවීම් මාසය සැමරීම වෙනුවෙන් එහි ජාතික උත්සවය හා ඊට සමගාමීව වැඩසටහන් මාලාවක් සෑම වසරකම ක්‍රියාත්මක කරනු ලබයි.

    2015 වසරේ ජාතික කියවීමේ මාසය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළ උතුරු නැගෙනහිර පළාත්වල පුස්තකාල ඇගයීම සඳහා සම්මාන හා සහතිකපත් ප්‍රදානය සිදු විය. පුස්තකාල 26ක් මෙහිදී සම්මානයට පාත්‍ර වූ අතර ග්‍රාමීය පුස්තකාල සංවර්ධන ව්‍යපෘතිය යටතේ තෝරාගත් පුස්තකාල 100ක් සඳහා රු.175000/-කට අධික වටිනාකමින් යුත් පොත් සහ ලී බඩු හා උපකරණ පරිත්‍යාග කිරීම සිදු විය.

    මීට අමතරව ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සාහිත්‍ය කෘති විචාරාත්මක තරග හා රචනා තරග පැවැත්වීම, පාසල් සිසුන් සඳහා කියවීමේ කඳවුරු පැවැත්වීම, සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන් හා බන්ධනාගාර රැඳවියන් සඳහා කියවීම සහ සාහිත්‍ය රසවින්දනය පිළිබද වැඩසටහන් සංවිධානය කිරීම ඇතුළු වැඩසටහන් මාලාවක් ජාතික උත්සවයට සමඟාමීව පැවැත්වීමට පුස්තකාල සේවා මණ්ඩලය කටයුතු යොදා තිබේ.

    ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලියු ඒ. අබේසිංහ මහතා, අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා, පුස්තකාල සේවා මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය, ප්‍රදේශයේ දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු උතුරු නැගෙනහිර පළාත් පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා පාසල් සිසුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya