මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර සුදු සැරයටි දින සැමරුම හෙට

    ඔක්තෝබර් 13, 2016
    ඔක්තෝබර් 15 දාට යෙදෙන ජාත්‍යන්තර සුදු සැරයටි දින සැමරුම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය හෙට (14)දා බත්තරමුල්ල “අපේ ගම” පරිශ්‍රයේ දී පැවැත්වේ.
     
    සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා දෘෂ්‍යාබාධිත පුනරුත්ථාපන අරමුදල විසින් ඒකාබද්ධව සංවිධානය කරන මෙම ජාතික උත්සවය අමාත්‍ය එස්.බී. දිසානායක හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන්ගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්වේ.
     
    උත්සවය ආරම්භ වීමට ප්‍ර‍ථම දෘෂ්‍යාබාධිත පුද්ගලයින් රැසක් එක්වන පාගමනක් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල සිට “අපේ ගම” තෙක් පැවැත්වෙන අතර පාගමන සඳහා ශ්‍රී ලංකා අන්ධ ජනසේවා මණ්ඩලය, ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනය,  ශ්‍රී ලංකා ජාතික දෘෂ්‍යාබාධිත සම්මේලනය, ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය වැනි දිවයිනම ආවරණය වන පරිදි දෘෂ්‍යාබාධිත  සංවිධානවලින් දායකත්වය සපයයි.
     
    ශ්‍රී ලංකාවේ පළමු සුදු සැරයටි සැමරුම් දිනය 1970 වසරේ ඔක්තෝබර් 15දා පවත්වා තිබේ. 1969 වර්ෂයේ ගාලු මුවදොර හෝටලයේ දී පවත්වා ඇති ලෝක දෘෂ්‍යාබාධිත සංගමයේ රැස්වීමකින් පසු ඔක්තෝබර් 15 දිනය ජාත්‍යන්තර සුදු සැරයටි දිනය  ලෙස නම් කර ඇත.   
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya