අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියවීම් මාසයේ සමාරම්භ උළෙල හෙට

    ඔක්තෝබර් 06, 2016

    කියවීම් මාසයේ සමාරම්භක උළෙල “කියවන රටක් දැනුමැති හෙටක්” තේමාව යටතේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය  වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) වැනි දින පෙ.ව. 9.30ට වව්නියා නගර සභා සංස්කෘතික ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

    2004 වසරේ සිට සෑම වසරකම ඔක්තෝම්බර් මාසය, ජාතික කියවීමේ මාසය ලෙස රජය විසින් නම් කර ඇත. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ජාතික කියවීම් මාසය සැමරීම වෙනුවෙන් ජාතික උත්සවය හා ඊට සමඟාමීව වැඩසටහන් මාලාවක් සෑම වසරකම ක්‍රියාත්මක කරනු ලබයි. මීට අමතරව ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී වීමට නියමිතය.

    ඒ අනුව ග්‍රාමීය පුස්තකාල සංවර්ධන ව්‍යපෘතිය යටතේ තෝරාගත් උතුරු, නැගෙනහිර පළාත් මහජන පුස්තකාල හා පාසල් පුස්තකාල සඳහා ලී බඩු උපකරණ පරිත්‍යාග කිරීම සහ පුස්තකාල පොත් පරිත්‍යාග කිරීම, සාහිත්‍ය කෘති විචාරාත්මක තරග හා රචනා තරග පැවැත්වීම, පාසල් සිසුන් සඳහා කියවීමේ කඳවුරු පැවැත්වීම, සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන් හා බන්ධනාගාර රැඳවියන් සඳහා කියවීම සහ සාහිත්‍ය රසවින්දනය පිළිබඳ වැඩසටහන් සංවිධානය කිරීම ඇතුළු වැඩසටහන් මාලාවක් ජාතික උත්සවයට සමඟාමීව පැවැත්වීමට පුස්තකාල සේවා මණ්ඩලය කටයුතු යොදා තිබේ. මීට අමතරව පසුගිය වර්ෂයේ ජාතික කියවීමේ මාසය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළ පුස්තකාල ඇගයීම සඳහා සම්මාන හා සහතිකපත් ප්‍රදානය මෙහිදී මූලික වේ.

    එසේම කියවීම් මාසයේදී ජාතික පුස්තකාල සාමාජිකත්වය නොමිලේ ලබා දීම හා පාසල් සිසු දරු දැරියන් සඳහා ජාතික පුස්තකාලය නැරඹීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහිදී සහභාගී වන සෑම පාසලක් සඳහාම රු.10,000ක වටිනාකමින් යුතු පොත් කට්ටලයක් පරිත්‍යාග කිරීමට කටයුතු යොදා ඇත.

    ජාතියට කියවීම හුරුකරවීමේ පුරෝගාමියා ලෙස ජාතික පුස්තකාලය සෑම වසරකම මෙම ජාතික කර්තව්‍යට උර දෙමින් සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya