මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාකරුවන්ට බලපාන බුද්ධිමය දේපළ අයිතිය පිළිබඳ විශේෂ වැඩමුළුව

    සැප්තැම්බර් 25, 2016
    මෙරට කලාකරුවන්ට බලපාන බුද්ධිමය දේපළ අයිතිය පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීම මත කලාකරුවන්ගේ එකඟත්වයන් යටතේ නව ප්‍රවේශයක් සකසා ගැනීමේ අරමුණෙන් පැවැත්වෙන විශේෂ  වැඩමුළුවක්  සැප්තැම්බර් 26 වැනි දින පෙ.ව. 8.45 සිට ප.ව. 4.30 දක්වා කොළඹ 07, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන සංහිඳ ශ්‍රවණාගාරයේ දී  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්. කේ.බී.තෙන්නකෝන්  මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
    බුද්ධිමය දේපළ අයිතිය පිළිබඳව කලාකරුවන්ට බලපාන විවිධ ගැටළු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට මෙම වැඩමුළුව මගින්  අවස්ථාව සලසා ඇති අතර මේ සඳහා  සහභාගීවන මෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සියළු කලාකරුවන්ට විවෘතව ආරාධනා කරයි.
     
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නීති අංශය හා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya