අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනගාරික ධර්මපාලතුමන්ගේ ගුණ සැමරීම කෑගල්ලේදී

    සැප්තැම්බර් 19, 2016
    අනගාරික ධර්මපාල ගුණානුස්මරණ පදනම විසින් සංවිධානය කළ අනගාරික ධර්මපාලතුමන්ගේ 152 ගුණානුස්මරණ වැඩසටහනක් පසුගියදා මාවනැල්ල නගරයේ දී පැවැත්විණි. 
    මාවනැල්ල සමූපකාර මන්දිරය අභියස ඇති අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීමෙන් වැඩ සටහන ආරම්භ කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය, ප්‍රදේශයේ පාසල් දරුවන්  හා එම පදනමේ නිලධාරීන් ඇතුළුව පෙරහැරකින් මාවනැල්ල බෙලිගම්මන පොත්ගුල් රාජමහා විහාරයට ගමන් කරන ලදී.
     
    එම විහාරස්ථානයේ දී උත්සව සභාව පැවැති අතර මෙහි මුලසුන සතර කෝරල මහා දිසාවේ ප්‍රධාන සංඝනායක නාගමුවේ සුමනසාර හිමියෝ ඉසිලූ අතර ධර්මපාලතුමා පිළිබද දේශනය අස්ගිරි මහා විහාර පාලන සංඝ සභාවේ ලේකඛාධිකාරි නාරංපනාවේ ආනන්ද හිමියෝ පැවැත්වූහ.
     
    මේ සදහා අවට පාසල්වල පාසල් දරුදැරියෝ තුන්සියයක් පමණ සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya