මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනගාරික ධර්මපාල තුමාගේ 152 වන ජන්ම දින වැඩසටහනක් මාතර දී

    සැප්තැම්බර් 14, 2016
    ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ජාතික ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා 152 වන ජන්ම දින සැමරුම් උත්සවයක් හෙට දින (15) මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
    අනාගත පරපුරේ ගුණාත්මක වෙනසකට ජාතියක් පුබුදු කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල චින්තනය සමාජගත කිරීමේ අරමුණින් මෙම වැඩ සටහන සංවිධානය කර ඇත.
     
    අනගාරික ධර්මපාලතුමා පිළිබඳ සමාරාධිත දේශනය පවත්වනු ලබන්නේ රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
     
    අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සහ එතුමාගේ ජීවන චරිතය අළලා නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම ද මෙහි දී සිදු කෙරේ.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ උපදෙස් මත මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංස්කෘතික අංශය වැඩසටහන සංවිධානය කරයි.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya