අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සති දෙකකින් වීදි චිත්‍ර ශිල්පීන්ට හැඳුනුම්පතක්

    ජූලි 10, 2016

    කොළඹ, විහාරමහාදේවී උද්‍යානය අසළ වීදි චිත්‍ර ශිල්පීන්ට සති දෙකකින් හැඳුනුම්පතක් ලබාදෙන ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා අද (08) කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. අනුර මහතාට උපදෙස් දුන්නේය.

     ඒ අද කොළඹ, විහාරමහාදේවී උද්‍යානය අසළ නිර්මානාකරණයේ යෙදෙන චිත්‍ර ශිල්පීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

    මෙහිදී කොළඹ නගර සභාවෙන් ඉදිරි දෙසතියක් තුළ එම පිරිසට හැඳුනුම්පතක් නිකුත් කිරීමට තීරණය කෙරිණි.


    2002 ආරම්භ කරපු කොළඹ වීදි චිත්‍ර ශිල්පීන්ගේ සංගමයේ මේ වනවිට සමාජිකයින් 65 ක් පමණ සිටින බවත් කඩිනමින් විසඳුම් ලබාගත යුතු ගැටලු කීපයක් තිබෙන බවත් කොළඹ වීදි චිත්‍ර ශිල්පීන්ගේ සංගමයේ ලේකම් විශවජිත් යසාරා මහතා පැවසීය.

    අනන්‍යතාව තහවුරු කිරීමේ හැඳුනුම්පතක් ලබාගැනීම, සංචාරක මඟ පෙන්වන්නන් අපි ගැන දැනුවත් කිරීම,රාජ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී පිළිගැනීමක් ඇතිකිරීම, මාර්ගයේ පවතින උත්සව අවස්ථා වලදී බාධා වීම් වළක්වාගැනීම, චිත්‍ර ගබඩා කරගැනීමට ස්ථානයක් ලබාගැනීම, කලා මණ්ඩලයේ සමාජිකත්වය ලබාගැනීම, පිට පළාත් වලින් පැමිණ මේ මාර්ගයේ රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන් අපි ගැන දන්නේ නැති නිසා ගැටලු ඇතිවන අවස්ථා නැති කිරීම යනාදී මෙම ගැටලු විසඳමින් මෙම කර්මාන්තය දියුණු  කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ උදව් අවශ්‍ය බව ඒ මහතා පෙන්වා දුන්නේය

    මෙම හැඳුනුම්පත ලබා දීමෙන් මෙමඟින් ගැටලු රැසකට විසඳුම් ලැබෙන ගබඩා කිරීමට ද ස්ථානයක් ලබාදීමට හැකි බව නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙන අතර සංචාරයකයන් සහ මඟපෙන්වන්නන් දැනුවත් කිරීමේ වැසටහනක් මෙන්ම පුළුල් ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කළ හැකි බව බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    සෑම මාසෙකම අවසන් ඉරිදා, වීදි චිත්‍ර ශිල්පීන් එකතුවෙලා ප්‍රදර්ශනාත්මක වැඩසටහනක් කිරීමට අවස්ථාව ලබා දිය හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා  අමතරව කොළඹ මහ නගර සභා සීමාව තුළ දැන්වීම පුවරු දෙකක් ඉදිකරන්න, බදු රහිතව ස්ථාන දෙකක් ලබාදෙන බව ද සඳහන් කළේය.

    වීදි චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ජංගම අලෙවි සැලක් සකස් කිරීමට, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්

    කමල් පද්මසිරි මහතා මෙහිදී චිත්‍ර ශිල්පීන්ට උපදෙස් දුන් අතර මේ ස්ථානයට පැමිණෙන සංචාරකයින් සඳහා අවන්හලක් ඉදිකිරීම සඳහා, සංචාරක මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya