මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    TRAVEL DIARY OF ISAAC AUGUSTINE RUMPF කෘතිය එළිදකි

    ජූලි 06, 2016

    ක‍්‍රි.ව. 1716-1723 කාල පරිච්ජේදය තුළ මෙරට පාලනය කළ ලන්දේසි ආණ්ඩුකාරවරයෙකු වූ ඉසාක් ඔගස්ටීන් රම්ෆ් විසින් මෙරට සංචාරය කරමින් ලැබූ අත්දැකීම් ඇසුරින් සකස් කළ TRAVEL DIARY OF ISAAC AUGUSTINE RUMPF නමැති සංචාරක දින සටහන් පොත නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව මුද්‍රණය කිරීමට ජාතික ලේඛනාරක්ෂක මණ්ඩලය පියවර ගෙන තිබේ.

    නෙදර්ලන්ත - ශ‍්‍රී ලංකා සංස්කෘතික උරුම සුහදතා වැඩසටහන යටතේ ඉංග‍්‍රිසි භාෂාවෙන් මුද්‍රණය කර ඇති මෙම කෘතිය එළිදැක්වීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේ දී පැවැත්විණි.


    මෙම අවස්ථාවට නෙදර්ලන්ත තානාපති ජෝනි ඩෝර්නිවාර්ඩ් (Joanne Doornewaard) මහත්මිය විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවාය.

     ඓතිහාසික මෙන්ම පර්යේෂණාත්මක වටිනාකමින් යුත් මෙම කෘතියෙහි ඉංග‍්‍රීසි පරිවර්තනය සිදුකරන ලද්දේ මහාචාර්ය කේ.ඩී. පරණවිතාන මහතා විසිනි.

    18 වැනි සියවසට පෙර එනම්, ලන්දේසි පාලන සමයෙහි මෙරට විසූ ජනතාවගේ ජීවන රටාව, සංස්කෘතිය, සහ පරිපාලන තත්ත්වය ඇතුළු ලංකා ඉතිහාසය පිළිබඳ තොරතුරු රැසක් මෙම කෘතිය මගින් අනාවරණය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya