අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර පෙරහැරට පින්නවලින් අලි ලබා ගැනේ

    ජූලි 03, 2016

    මෙවර දිවයිනේ පෙරහැර මංගල්‍යයන් සඳහා පින්නවලින් අලි 6ක් හා නිරවුල් ලිපි ලේඛන ඇති අලි හිමියන්ට ලබන 8 වැනි දා වනජීවීයෙන් නිත්‍යානුකූල බලපත්‍ර ලබා දීම සිදු වන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    ඇසළ මාසයේ දිවයිනේ ස්ථාන රැසක පැවැත්වෙන පෙරහැර මංගල්‍යයන් සඳහා ප්‍රමාණවත් ලෙස අලි නොමැති බව පවසමින් රජය අපහසුතාවයට පත් කරන වැඩපිළිවෙළක් ගෙන යන බව ද ඒ මහතා  පෙන්වා දෙයි.

    දියවඩනිලමේ ඇතුළු නිලමේවරුන්ගේ සංගමය සහ හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සමාජිකයන් සමඟ පැවති සාකච්ඡාවේදී ඔවුන් පෙරහැර සඳහා ලබා දෙන මෙම අලි ප්‍රමාණවත් බවත් හැකි නම් තවත් අලි 5ක් ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ.

    මෙම ඉල්ලීම මත මෙම අලි ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කර තිබෙන අතර මේ අනුව ඉදිරියේ පෙරහැර සඳහා හීලෑ අලි ඇතුන් 80කට වැඩි සංඛ්‍යාවක් සිටින බවත් එම සංඛ්‍යාව පෙරහැර මංගල්‍යන් සඳහා ප්‍රමාණවත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එසේම ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යන් අගෝස්තු මාසයේදීත්, කතරගම ඓතිහිසික පෙරහැර ජුලි මාසයේ පැවැත්වෙන බැවින් කිසිසේත්ම අලි අඩු වීමක් සිදු නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya