අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකේය ඡායාරූප ශිල්පීන්ට ආචාරධර්ම සංග‍්‍රහයක් අද එළිදකී

    ජූලි 02, 2016

    ඡායාරූප කලාවේදීනට විශාල අඩුපාඩුවක්ව තිබූ ආචාරධර්ම සංග‍්‍රහයක් සම්පාදනය කොට ජනගත කිරීම ජූලි මස 02වැනි සෙනසුරාදා (අද )කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය පියවර ගෙන තිබේ.

    ප‍්‍රවෘත්ති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන, පාසල් අධ්‍යාපන සහ සංස්කෘතික යන අංශවල ප‍්‍රධානීන් මූලික කොටගනිමින් මෙම ආචාරධර්ම සංග‍්‍රහය දොරට වැඩුම සිදුකෙරේ.

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයකු ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා සහභාගීවීමට නියමිත බව ශ්‍රී ලංකා ඡයරූප කලා සංගමය පවසයි.

    එසේම ලංකාව පුරා විසිරී සිටින ඡායාරූප සංගම්වලට සහ ඡායාරූප කලාවේදිනට ආචාරධර්ම සංග‍්‍රහය තම වෘත්තීය කටයුතුවලදී මාර්ගෝපදේශ සංගහයක් ලෙස භාවිත කළ හැකිවෙයි.

    මෙම ඡායාරූප ශිල්පී ආචාරධර්ම සංග‍්‍රහය, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු,මහාචාර්ය මාපා තිලකරත්න සහ ආචාර්ය ඩී.එම්. කරුණාරත්න යන විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක අධීක්‍ෂණය යටතේ ශ‍්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මගින් සම්පාදනය කොට ඉදිරිපත් කරනු ලබන්නකි.

    ආචාරධර්ම සංග්‍රහය ජනගත කිරීමේ උළෙලට සමගාමීව පාසල් ඡායාරූප ශිල්ප පරීක්‍ෂණයේ සහතිකපත් ප‍්‍රදානය ද, ශ‍්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ව්‍යාපෘති ඡායාරූප ප‍්‍රදර්ශනයක්  ද පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya