අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහැර අගෝස්තු 03 වැනි දා ඇරඹේ

    ජූනි 28, 2016

    මෙම වසරේ අගෝස්තු 03 වැනි දිනට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරෙන කප් සිටුවීමත් සමඟ මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භ කරන බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පවසයි.

    අගොස්තු 03 වැනි දින සිට 07 වැනි දින දක්වා සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමට නියමිත අතර, අගෝස්තු 08 වැනි දින ආරම්භ කරන කුඹල් පෙරහැර අගොස්තු 12 වැනි දින දක්වා පුරා දින පහක් පැවැත්වෙනු ඇත.

     

    රන්දෝලි පෙරහැර ආරම්භ කරන්නේ අගොස්තු 13 වැනි දිනය. අගොස්තු 13 වැනි දින සිට 16 දින දක්වා පැවැත්වෙන රන්දෝලි පෙරහැරින් අනතුරුව අවසන් රන්දෝලි මහා පෙරහැර අගොස්තු  17 වැනි දා වීදි සංචාරය කිරීමට නියමිතය.  අගෝස්තු 18 වැනි දින පෙරවරුවේ පැවැත්වෙන දියකැපීමේ මංගල්‍යයෙන් අනතුරුව එදින පැවැත්වෙන දහවල් පෙරහැරින් මෙවර පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතය.

     

    පෙරහැර සමාප්ති කරමින් ඒ බව චාරිත්‍රානුකූලව ජනාධිපතිතුමන්ට දැනුම්දීමේ අවස්ථාව මහනුවර ජනාධිපති මන්දිරයේදී එදිනම පස්වරුවේ උත්සවාකාරයෙන් පැවැත්වීමට අවශ්‍ය කටයුතුද සුදානම් කොට ඇත. ඇසළ පෙරහැරේ ගමන් ගන්නා ශිල්පීන් අගයමින් චාරිත්‍රානුකූලව පැවැත්වෙන සම්මාන සහ ත්‍යාග ප්‍රදානය පෙරහැර සමාප්ති උත්සවයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමේ කටයුතුද එහිදී සිදු කිරීමට නියමිතය.

     

    මෙහිදී කරුණු දැක්වූ ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා පැවසුවේ මෙවර කප් කැපීමේ උත්සවයද වසර ගණනාවකට පසුව පිළිගත් සාම්ප්‍රදායනුකූල ක්‍රමයටම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. ඒ අනුව ඓතිහාසික චාරිත්‍රයන්‍ට අනුව කප් කැපීමේ කටයුතු වලින් අනතුරුව අලුත් නුවර සිට අලි ඇතුන් සහිත පෙරහැරකින් එම කප් සිව් මහා දේවාලවලට වැඩම කිරීමට නියමිත බව පැවසූ නිලමේවරයා වසර ගණනාවක්ම එවැනි පෙරහැරක් පවත්වා නොමැති බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya