අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරාවිද්‍යා සංරක්ෂණ සහය දීමට නෙදර්ලන්ත රජය ඉදිරිපත් වෙයි

    ජූනි 17, 2016

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට සහ සංවර්ධනය කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර ති‍්‍රකුණාමලයේ Fort Fredric කොටුව  සංරක්ෂණ කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් පසුගියදා  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ නෙදර්ලන්ත තානාපති Jonne Doonewaard මහත්මිය අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහිදී අදාළ සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමටත් නෙදර්ලන්ත රජය වෙනුවෙන් නෙදර්ලන්ත තානාපතිවරිය ඉදිරිපත් විය.

     

    ශී‍්‍ර ලංකාවේ ඇති පුරාවිද්‍යාත්මක වැදගත්කම සහ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ගෙන ඇති පියවර ද මෙහිදී නෙදර්ලන්ත තානාපතිවරියගේ ඇගයීමට ලක්විය.

     

    මෙම හමුවේ දී නෙදර්ලන්ත රජය ලබා දෙන සහයෝගය පිළිබඳ ස්තුතිය පළ කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නෙදර්ලන්ත තානාපතිවරිය වෙත  සමරු තිළිණයක් ද ප‍්‍රදානය කරනු ලැබීය.

    මෙම අවස්ථාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා, කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ කරුණාරත්න හේරත් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya