අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව වාර්ෂික පොසොන් දළදා පෙරහැර 20 වෙනි දා

    ජූනි 19, 2016
     පොසොන් පුර පසළොස්වක පොහොය දිනට පසු දින සෑම වසරකම ඓතිහාසික වටදාගෙය අබියසින් ආරම්භ කෙරෙන පෙරහැර මෙවර ද මේ මස 20 වෙනි දින රාත්‍රී 7.30 ට ඇරඹීමට නියමිතය.
    පොලොන්නරුව වාර්ෂික පොසොන් දළදා පෙරහැර මෙවර පවත්වනු ලබන්නේ 44 වෙනි වතාවටය
     
    පොලොන්නරු සොළොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමියන්ගේ අනුශාසන පරිදි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තමන්කඩුව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ප්‍රමුඛව දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව මෙම පොසොන් දළදා පෙරහැර සංවිධානය කරනු ලබයි.
     
    මිහිඳු පෙරහැර, මින්නේරි දේවාල පෙරහැර බිසෝබණ්ඩාර දේවාල පෙරහැර, ගගේ දේවාල පෙරහැර, කුඩා මින්නේරි දේවාල පෙරහැර, හිගුරක බණ්ඩාර දේවාල පෙරහැර, ශිව දේවාල පෙරහැර, පත්තිනි දේවාල පෙරහැර යන පෙරහැර හතකින් සමන්විත මෙම පොසොන් දළදා පෙරහැර අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සහ නර්තන කණ්ඩායම් විවිධ සංස්කෘතික කණ්ඩායම් රැසකින් සමන්විතව වීම විශේෂත්වයකි. 
     
    ඓතිහාසික පොලොන්නරුව වටදාගෙය අබියසින් ආරම්භවී පොලොන්නරුව නගරය, රෝහල හංදිය අසලින් රවුම් පාරට පිවිස නැවතත් පොලොන්නරුව සංචාරක පොලීසීය වට රවුම අසලින්  පොලොන්නරුව නගරය ඔස්සේ ගමන්කොට ‍‍‍ෛඑතාහාසික ‍වටදාගෙය අසලින් පෙරහැර ගෙවැදීම සිදුකෙරේ.
     
    පසුදින එනම් 21 වෙනි අගහරුවාදා පෙරවරුවේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ දිය කැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව පෙරහැර කටයුතු නිමාවට පත් කිරීමට නියමිතය.
     
    AP/DMu-Polonnaruwa
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya