මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජුනි 21 දා

    ජූනි 16, 2016
    2016 රාජ්‍ය  සංගීත උළෙල 2016 ජුනි 21 වන දින ප.ව. 5.30 ට කොළඹ 07, නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ  සංගීත මහාචාර්ය වී.බාලාජී මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
    සුභාවිත සංගීත කලාවක හෙට දවස උදෙසා නිර්මාණාත්මක සංගීත ශිල්පීන් රාජ්‍ය මට්ටමෙන් අගය කිරීම සඳහා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින්  5 වන වරටත් මෙම රාජ්‍ය සංගීත උළෙල සංවිධානය කර ඇත.  2016 රාජ්‍ය සංගීත උළෙලේ දී 2015 වසරේ සංගීත නිර්මාණයන් අතරින් ප්‍රශස්තතම ගායනය (පිරිමි/ගැහැනු), ගී තනු හා සංගීත නිර්මාණය, ගේය පද රචනය, රූප රචනය, සංයුක්ත තැටිය, ළමා ගායනය (බාලක/බාලිකා), ළමා ගී තනු හා සංගීත නිර්මාණය, ළමා ගී රූප රචනය, ළමා ගී සංයුක්ත තැටිය, ජන ගායනය (ගැහැණු/පිරිමි), ජන ගී නව නිර්මාණය හා ගුවන් විදුලි සංගීත වැඩ සටහන යන අංශවලින් සිංහල හා දෙමළ මාධ්‍යවල නිර්මාණ සඳහා  සම්මාන,සහතික හා මුදල් ත්‍යාග පිරිනමන අතර ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට කරන ලද අනූපමේය සේවය අගයනු වස් සංගීත නිර්මාණකරුවන් 10 දෙනෙකුට අනුස්මරණ සම්මාන 10 ක්  හා සුවිශේෂ සම්මාන 2 ක් ද පිරිනැමීමට ද කටයුතු යොදා ඇත. 
     
    ඒ අනුව සංගීත අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් මහාචාර්ය සනත් නන්දසිරි, ගීත රචනා ක්ෂේත්‍රය වෙනුවෙන් සුනිල් සරත් පෙරේරා, සරල සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සුජාතා අත්තනායක, උත්තර භාරතීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ශාන්ති ගීතදේව, නව නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මහින්ද බණ්ඩාර, සිනමා සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ෂෙල්ටන් ප්‍රෙමරත්න, නාද ශික්ෂණය ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රිස්ටි ප්‍රනාන්දු, ජන සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඥානා එලමල්දෙනිය, දක්ෂිණ භාරතීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් එස්.පද්මලිංගම් , බටහිර සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් රම්‍යා ඩී.ලිවේරා යන ශිල්පීන් සඳහා අනුස්මරණ සම්මාන හා නාට්‍ය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ජයන්ත අරවින්ද, දෙමළ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් එම්.එස්.සෙල්වරාජා  හා යන සංගීත ශිල්පීන්ට සුවිශේෂ සම්මාන පිරිනැමීමද සිදුකෙරේ.
     
    මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සංස්කෘතික කටයුතු අමත්‍ය එස්.බී.නාවින්න මහතා, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහ  කලාකරුවන් රැසක් සහභාගීවීමට නියමිතයි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya