මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගන්ධාර දේශයෙන් වැඩම කරවූ සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය මහනුවරදී

    ජූනි 18, 2016
    අග්‍රාමාත්‍ය කාර්යාලය විසින්  ‍සංවිධානය කොට ගන්ධාර දේශයේ තක්ෂිලා කෞතුකාගරයේ තැන්පත් කොට තිබී, මෙරටට වැඩම කරවූ සර්වඥධාතූන් වහන්සේලා මහනුවර සහ ඒ අවට දිස්ත්‍රික්කවල බැතිමතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා තිබේ. 
    ඒ අනුව ජුනි 20 වැනි දින තන්තිරිමලේ සිට පෙ.ව. 8.30 ට මහනුවරට වැඩම කරවන සර්වඥධාතූන් වහන්සේලා එදින සහ පසුදින (21 වැනි දින) මහනුවර දංගොල්ල විමලධර්ම පිරිවෙනේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.
     
    පාකිස්ථානු අගමැතිවරයාගෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව පසුගිය වෙසක් උත්සවය නිමිතිකොට ගෙන පැවති බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව මෙම සර්වඥධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවූහ. අනතුරුව අරලියගහ මන්දිරයේ  ප්‍රධාන රැස්වීම් ශාලාවේදී ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් සර්වඥධාතූන් වහන්සේ වන්දනා කර ගන්නා ලදී. 
     
    ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙසෙන බැතිමතුන් සදහාද සර්වඥධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට අවස්ථාව සළසමින් අග්‍රාමත්‍ය කාර්යාලය මගින් ‍සමස්ථ දිවයින ආවරණය වන පරිදි ලංකාවේ විවිධ ප්‍රදේශවල දිස්ත්‍රික්ක 17 කදී එය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට‍ කටයුතු සංවිධානය කර තිබේ. 2016.06.25 වැනි දින දක්වා ‍සර්වඥධාතූන් වහන්සේලා මෙරට ජනයාට වන්දනා කළ හැකිය.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya