අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුභාවිත ගී දැහැන 16 දා බදුල්ලේදී....

    ජූනි 14, 2016
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය එක්ව සංවිධානය කරන ̔සුභාවිත ගී වියමන̕ සංගීත සමාධිය හා තත්සර මුසුව සංගීත වැඩසටහන මෙම ජූනි මස 16 වැනි දින පස්වරු 5.00 ට බදුල්ල ඌව පළාත් පුස්තකාල මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
    උසස් ගණයේ ගී නිර්මාණ රසවින්දනයට හා එහි අභාෂය ලබාගැනීමට ගීත නිර්මාණ කේෂ්ත්‍රයට සම්බන්ධ අංකුර නිර්මාණ කරුවන්ට මෙන්ම රසික ජනතාවට අවස්ථාව ලබාදීමේ අරමුණෙන් සංවිධානය කෙරෙන 1970 – 1980 දශකයේ ගී නිර්මාණවලින් මෙම වැඩ සටහන සමන්විතය.
     
    මෙම වැඩසටහන සඳහා රාජ්‍ය සංගීත කණ්ඩායම සමඟ රෝහණ බෝගොඩ, ස්වර්ණලතා කවීෂ්වර, රූපා ඉන්දුමතී, නිර්මලා රණතුංග, චන්ද්‍රකුමාර කඳනආරච්චි, ලලිත් පොන්නම්පෙරුම, ක්‍රිස්ටෝපර් පෝල්, කලාවතී තුරේසාමි, බන්දුල විජේවීර, දයාරත්න පෙරේරා, නිමල් ගුණසේකර, වසන්තා තිලකාංගනී ඇතුළු ප්‍රවීන ගායක ගායිකාවන් රැසක් සහභාගී වීමට නියමිතය.
     
    AP/DMU-Badulla
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya