අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී දන්ත ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය බදුල්ලේ දී

    ජූනි 13, 2016
    පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට මෙරටට වැඩම කරවන ලද ශ්‍රී දන්ත ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානයේදී ඊයේ පෙරවරුවේ  ආරම්භ කල අතර එය හෙට (2016.06.14) උදෑසන 6.00 දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
    ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට බදුල්ල දිස්ත්‍රික්කයේ නන්දෙසින් පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාව ඊයේ සිට බදුල්ල කයිලගොඩ  ශ්‍රී සද්ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටී.
     
    පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට මෙරටට වැඩම කරවන ලද ධාතූන් වහන්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට වැදපුදා ගැනීමට ලැබෙන මෙම දුර්ලභ අවස්ථාවට සහභාගී වන ලෙස කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති බදුල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය කනවැරැල්ලේ හේමාලෝක හිමියන් බදුල්ල ප්‍රදේශයේ බොදු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
     
    අග්‍රාමාත්‍ය කාර්යාලය හා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මෙහෙයවීමෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16 ක් ආවරණය වන පරිදි  ප්‍රදර්ශනය කරමින් පවතී.
     
    AP/DMU-Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya