අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යටතේ ගිවිසුම් අත්සන් කෙරේ

    ජූනි 10, 2016

    ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යටතේ 2016 වසරේ දෙවන කාර්තුවේ අනුමත වූ ග්‍රන්ථ සඳහා ගිවිසුම් අත්සන් කිරීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල පරිශ්‍රයේ දී පැවැත්විණි.

    මෙහිදී සමූපකාර සේවක කොමිෂන් සභා නීතිය, කොබෝනයා, මගේ ගුරුතුමා, සිදත් සඟරාවේ ඉටු අනිටු හා ලකර අදියර විමසුම ඇතුළු අනුමත වූ ග්‍රන්ථ 10ක් සඳහා කර්තෘවරුන්ට මුද්‍රණ ආධාර ලබා දීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරිණි.

     

    මෙම ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දීමට ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට හැකියාව ලැබී තිබේ.

     

    1984 වසරේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ලේඛන හැකියාවෙන් යුත් මෙරට සිටින ආධුනික ලේඛකයන්ට මෙන්ම ප්‍රවීණ ලේඛකයන්ට තම කෘති ප්‍රකාශයට පත් කර ගැනීම සඳහා මුද්‍රණ අනුග්‍රහය දැක්වීමයි.

     

    ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය සඳහා ඕනෑම රචකයෙකුට සිය පර්යේෂණ කෘති, යොවුන් හා සාහිත්‍යය කෘති, ශාස්ත්‍රීය, නිර්මාණාත්මක හෝ විවිධ විෂය කෘති සහ ළමා කෘති යනාදී වූ විවිධ කාණ්ඩ යටතේ ග්‍රන්ථ ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතී.

     

    එසේම මෙම ව්‍යාපෘතියේ දිගුවක් ලෙස පර්යේෂකවරුන් වෙනුවෙන් පර්යේෂණ කෘතියක් සඳහා රුපියල් ලක්ෂයේ සිට ඉහළට ආධාර මුදල් ලබාදීම ද මේ වසරේ සිට ආරම්භ කරනු ලැබීය.

     

    මෙම අවස්ථාවට අධ්‍යක්ෂ (රා/ඉ) සේනානි බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ ශ්‍රීමා සුරියබණ්ඩාර ඇතුළු ආයතන කළමනාකාරීත්වය හා ලේඛකයින් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya