අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්වඥ ධාතූන් වහන්සේලා හුංගම හාතාගල රජමහාවිහාරස්ථානයට වැඩම කෙරේ

    ජූනි 08, 2016
    මාතර මහා මන්තින්ද පිරිවෙණෙහි තැන්පත් කර තිබු ගාන්ධාර දේශයෙන් මෙරටට වැඩමවු සර්වඥ ධාතූන් වහන්සේලා අද හම්බන්තොට හුංගම හාතාගල රජමහාවිහාරස්ථානයට වැඩම කරවනු ලැබීය.
    මෙහිදී  හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය විසින් ධාතු කරඩුව පිළිගෙන හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම්.කරුණාරත්න මහතා වෙත භාර දීමෙන් අනතුරුව විහාරස්ථානයෙහි  තැන්පත් කරන ලදී. 
     
    ඉන් අනතුරුව විහාරාධිපති පල්ලේගම ජනරතන ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය විසින් පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට මහජනතාවට අවස්ථාව සැලසිණි.
     
    අද හා හෙට ධාතූන් වහන්සේලා මෙහි තැන්පත් කර තැබීමට නියමිතය.
     
    AP/DMU-Hambanthota
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya