අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්වඥ ධාතූන් වහන්සේලා ගාල්ලේ දී ප්‍රදර්ශනය කෙරේ.

    ජූනි 06, 2016
    ගාන්ධාර දේශයේ කෞතුකාගාරයේ  තැන්පත් කොට තිබු සර්වඥ ධාතූන් වහන්සේලා ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙන හි දී වැඳ පුදා ගැනීමට මහජනතාවට පසුගියදා අවස්ථාව සැලසිණි.
    රත්නපුරයේ ප්‍රදර්ශනයෙන් අනතුරුව රිය පෙරහැරක් මගින් අධිවේගී මාර්ගය ඔස්සේ වැඩම කරවූ මෙම ධාතූන් වහන්සේලා පින්නදුව හුවමාරුවේදී ගාල්ලේ මැති ඇමතිවරුන් සහ දිස්ත්‍රික් ලේකම් එස් ටී කොඩිකාර මහතා  ඇතුළු පිරිසක් විසින් පිළිගැනීමෙන් පසු පිරිවෙනට වැඩම කරවනු ලැබිණ. ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව ඇරඹි මෙම ධාතු ප්‍රදර්ශනය අද හා හෙට  මාතර මාහ මන්තින්ද පිරිවෙණෙහි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
     
    මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාරවර හේමකුමාර නානායක්කාර , දකුණු පළාත්  ප්‍රධාන අමාත්‍ය ශාන් විජේ ලාල් ද සිල්වා, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක , ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටි ආරච්චි  යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටිය හ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya