මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවිනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය ජුලි 13 සිට 27 දක්වා

    ජූනි 04, 2016
     
    මාතර - දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර ජුලි මස 13 දා සවස 4.36 ට යෙදෙන සුභ මොහොතින් පළමුවෙනි පේළි පෙරහැරත් සමඟ ආරම්භ කෙරේ. 
    ඒ බව අනාවරණය කෙරුණේ දෙවිනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබඳව මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හා මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැති රැස්වීමකදී ය.
     
    දින හයක් පුරා සන්ධ්‍යා භාගයේ දී පේළි පෙරහැර පැවැත් වේ. ඒ අනුව ජුලි 13 දිනෙන් ආරම්භ වී 14, 15, 16, 17, 18 හා 19 වන සඳුදා දිනයෙන් පේළි පෙරහැර පැවැත්වීම අවසන් කෙරේ.
     
    ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන ජුලි 19 අඟහරුවාදා දින සවස 5.16 ට යෙදෙන සුභ මොහොතින් ඉතා උත්කර්ෂවත්ව රන්දෝළි මහා පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත ය.
     
    අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහිතව පැවැත්වෙන රන්දෝළි මහා පෙරහැර සඳහා නර්තන කණ්ඩායම් සියයකට අධික ප්‍රමාණයක් සහභාගි කරවීමට සැලසුම් කර තිබේ.
     
    ක්‍රිස්තු වර්ෂ 1257 දී ප්‍රථම වරට ආරම්භ කරන ලද දෙවිනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 759 වන වරටය.
     
    ජුලි 19 දින සිට දින හතක් සල්පිල පැවැත්වෙන අතර ජුලි 26 අඟහරුවාදා රාත්‍රිය මුළුල්ලේ දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය පවත්වා ගිණි පාගා 27 වන දින පෙ.ව. 11.00 ට දේව දානය පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යයයේ කටයුතු නිමා කෙරේ.
     
    දෙවිනුවර ඓතිහාසික රාජමහා විහාරාධිපති දෙවිනුවර සුනන්ද නාහිමියන් සහ ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ මහතා ඇතුඝු පෙරහැර කමිටුවට සම්බන්ධ සියලු ආයතන හා නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya