ඒ අනුව ලබන 8 වැනි දා උදෑසන 9.00 සිට මහජනතාවට ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසේ.
මේ සඳහා පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සැළසීම සඳහා හාතැගල පුරාණ රජමහා විහාරාධිපති පල්ලේගම ජිනරතන හිමිගේ අනුශාසනා පරිදි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන සහ ප්‍රදේශයේ දායක පිරිස වැඩසටහන් සූදානම් කර ඇති බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
AP/DMU - Hambanthota