අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට පැවැත්වෙන එක්සත් ජාතින්ගේ වෙසක් උත්සවයට තායිලන්තයෙන් සහය

    මැයි 31, 2016

    එක්සත් ජාතින්ගේ වෙසක් දින උළෙල ශ්‍රී ලංකාවේ දී සාර්ථකව පැවැත්වීමට තායිලන්ත රජය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව තායිලන්තයේ වැඩබලන අග්‍රාමාත්‍ය Wissanu Krea – Ngam මහතා බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට සහතික වී ඇතැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.

    තායිලන්තයේ බැංකොක් නුවර කේන්ද්‍ර කරගෙන දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැත් වූ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල  වසර 2017 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව අනුමත කර තිබේ.

     

    බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තායිලන්තයේ වැඩබලන අග්‍රාමාත්‍ය Wissanu Krea – Ngam මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  හමු වීමෙන් පසු පැවති සාකච්ඡාවේදී මේ බව දැනුම් දී ඇතැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

     

    එම සාකච්ඡාවේදී  බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ථේරවාදී ඓතිහාසක බෞද්ධ සම්ප්‍රදායන් හා බෞද්ධ සබදතා ආරක්ෂා කර ගැනීමට දෙරටේ පවතින කැපවීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

     

     ථේරවාදී බුදුදහමේ හරයන් පිළිබඳව  ලෝක බෞද්ධ ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හා තායිලන්ත රජයේ මැදිහත් වීමෙන් වැඩසටහනක් දියත් කිරීම පිළිබඳව සහ තායිලන්ත බෞද්ධ විශ්වවිද්‍යාල හා අධ්‍යාපන කේන්ද්‍රස්ථාන හා ශ්‍රී ලංකාවේ  විශ්වවිද්‍යාල හා බෞද්ධ කේන්ද්‍රස්ථාන අතර සමීප සබඳතාවයන් ගොඩනගා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට ද මෙහිදී සාකච්ඡා කළ බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

     

    මෙහිදී විශේෂ ප්‍රකාශයක් කළ වැඩබල අග්‍රමාත්‍යවරයා පසුගිය දා ශ්‍රී ලංකාවේ සිදු වු ගංවතුර හා නායයෑම් සිදුවීම් වලින් ශ්‍රී ලංකා ජනතාවට සිදුවු විපත් හා දේපල හානි වෙනුවෙන් තායිලන්ත රජයේ කනගාටුව ද ශ්‍රී ලංකා රජය වෙත දන්වා සිටියේය.

     

    තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ක්ෂේනුකා සෙනෙවිරත්න, එහි පළමු ලේකම් මහේෂි හා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ ලේකම් හර්ෂ බී.අබේකෝන් යන මහත්ම මහත්මීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya