අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෝල් නුවර බක්මහ උළෙලක්

    මැයි 06, 2016
    දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද බක්මහ උළෙල පසුගියදා සෝල් හි ඉවෝන් එන්ගන් ක්‍රීඩා පිටියේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
    මෙම අවුරුදු උත්සවයට කොරියානු ජාතික සංස්කෘතික සංගමයේ සාමාජිකයින්, දකුණු කොරියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් ,කොරියානු ජාතික හිතවතුන් හා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයද එක්වුහ.
     
    අවුරුදු කුමරිය හා අවුරුදු කුමාරයා තේරීම,  ක්‍රිකට් තරඟාවලියක් , ශ්‍රි ලාංකික අවුරුදු ජන ක්‍රීඩා රැසක් සහ කොරියානු ජන ක්‍රීඩා රැසකින් මෙම අවුරුදු උත්සවය සමන්විත විය.
     
    සෝල් නගර සභාවේ අනුග්‍රහයෙන් සහ කොරියානු හා ශ්‍රී ලාංකික ව්‍යාපාරික භවතුන්ගේ සහයෝගයෙන් මෙම බක්මහ උළෙල පවත්වන ලද අතර මෙහිදී කොරියානු සංස්කෘතික සංගමය විසින් සංස්කෘතික සංදර්ශනයක්ද ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය.
    AP
                               

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya