අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අභිමානී - 2016̕" උපහාර උළෙල අද

    මැයි 04, 2016
    බදුල්ල දිස්ත්‍රික්කයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ  උපහාර උළෙල "අභිමානී - 2016̕"  අද  පෙ.ව. 9.30 ට බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී  පැවැත්වේ.
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ සංකල්පයක් අනුව සංවිධානය කෙරෙන මෙම උපහාර උළෙලේදී, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක පිහිටුවා ඇති ආබාධිත ප්‍රජාවගෙන් සමන්විත ස්ව ශක්ති සංවිධාන සහ එහි සාමාජිකයින් මෙහිදී විශේෂ ඇගයීමට ලක් කෙරේ.
     
    ආබාධ සහිත තැනැත්තන් සඳහා රැකියා අවස්ථා උදාකර දෙමින් ඔවුන්ගේ ජීවිත ජයගන්නට අත්වැලක් සපයන බදුල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික ආයතන කිහිපයක්ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
     
    ස්ව ශක්ති සංවිධානයන්හි සාමාජිකයින්ගේ නර්තනයන්ගෙන් සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංගීත කණ්ඩායමේ ගායනයන්ගෙන්ද වර්ණවත් කෙරේ.
     
    මෙම උපහාර උළෙල බදුල්ල දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී රවීන්ද්‍ර සොලමන්ස් මහතාගේ සම්බන්ධීකරණයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරයි.
     
    AP/DMU-Badulla
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya