අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ එක්සත් ජාතින්ගේ වෙසක් උත්සවයට මුද්දරයක් නිකුත් කෙරේ

    මැයි 03, 2016

    නිර්මල ථේරවාදී බුදුදහම ගරු කරන ලෝකයේ ප්‍රබලතම රටක් ලෙස ශ්‍රී ලංකාව, බුදුදහම ප්‍රචලිත කිරීම සදහා අන්තර්ජාතික වශයෙන් අවස්ථා කිහිපයකදීම නායකත්වය ලබා දී ඇති රටක් වශයෙන් බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ලෝක බෞද්ධ සමුළුව වසර 2017දී ශ්‍රී ලංකාවේ පවත්වා ලෝක බෞද්ධ ප්‍රජාවට සුවිශේෂ පණිවුඩයක් ලබා දීම නව රජයේ අරමුණ යැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

     මෙවර ජාතික වෙසක් උළෙලේ නිළ මුද්දරය පිලිගනිමින් ඊයේ  (20) ඒ මහතා මේ බව සඳහන් කළේය.

    කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය වැලිවටියාවේ කුසලධම්ම හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා වීරකැටිය නයිගල රජමහා විහාරාධිපති හිමිපාණන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පැවති ජාතික වෙසක් දින මුද්දර එළිදැක්වීමේ උත්සවයට තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්.හලීම්, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය බුද්ධ ශාසන අමාත්‍යාංශයේදි පැවැත්වුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya