මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුවේ කමිටු වාර්තාව භාර දෙයි

    අප්‍රේල් 29, 2016

    ලබන වසරේදී එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා කමිටුවේ වාර්තාව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.

    බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා විසින් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ජේ.එම්.මංගලතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව, එම කමිටුවේ ලේකම් ශාස්ත්‍රපති හර්ෂ බී අබේකෝන් මහතා අමාත්‍යවරයා වෙත පිළිගැන්විණි.

    මෙම අවස්ථාවට කමිටුවේ සාමාජික පුජ්‍ය අකුරැටියේ නන්ද හිමි, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති සුගත් මඩුගල්ල, ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ සභාපති ජගත් සුමතිපාල මහතා හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

    මෙම කමිටු වාර්තාව පදනම් කරගෙන 2017 වසරේදී එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධව කටයුතු සංවිධානය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය ඒකාබද්ධව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කමිටු වාර්තාව භාරදීමෙන් අනතුරුව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය‍.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya