මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවි අක්තපත්‍ර ප්‍රදානයක්

    අප්‍රේල් 28, 2016

    කහදූව රෑකඩහෙනේ ශ්‍රී සුමනාරාම, උඩවැලිවිට තලාවේ ශ්‍රී දක්ෂිනාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍රවේදී වැලිවිටියේ සුමන්ගල ස්වාමින්ද්‍රයන්ට  ධර්මකීර්ති ශ්‍රී නන්දසාර යන ගෞරව නාමය සහිත ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ පූජෝත්සවය ඊයේ (27) පැවැත්විණි.

    එම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ සහගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණි මහා සන්ඝරත්නය ඇතුලු දායක දායිකාවන් විශාල ප්‍රමාණයකගේ සහභාගිතවයෙන්  මහනුවර දළාදා මාලිගාවේ මල්වතු මහ විහාරයේ උපෝස්ථාගාරයේ විහාරයේ දී සිදුකෙරිණි.

     

    එසේම මෙම අභිනව නාහිමියන් පිළිගැනීම හා උපහාර දැක්වීමේ උත්සවයක් හෙට (29) පස්වරු 2.00ට ජනාධිපති  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් කහදූව රෑකඩහෙනේ ශ්‍රී සුමනාරාම විහාරයේදී  සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya