මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය බක් මහ උළෙලේ පළමු තැන එකමුතු කවයට

    අප්‍රේල් 27, 2016
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඵලදායිතා කව අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බක් මහ උළෙල මෙවරත්  දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී.විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී හා මාතර කොටුව - මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
    ශක්ති, එකමුතු, තුළිත, ප්‍රදීප, අලුත් අස්වැන්න, දක්ෂිණ, සමෘද්ධි, සමගි, සංඛ්‍යාන, හිරු, වීර, විනිවිද හා නිර්මාණ යනාදී ඵලදායිතා කව මේ සඳහා සහභාගි විය. 2016 වර්ෂයේ බක්මහ උළෙලේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් ශූරතාව හිමිකර ගනු ලැබුවේ එකමුතු කවයයි. දෙවන ස්ථානය හිමිකර ගනිමින් අනුශූරතාව වීර කවය හා තෙවන ස්ථානය ශක්ති කවය විසින් දිනා ගන්නා ලදි.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඵලදායිතා කව ඒකාබද්ධව මෙම බක් මහ උළෙල සංවිධානය කරන ලද අතර මෙහි දී  අවුරුදු ක්‍රීඩා හා ජන ක්‍රීඩා විසි හයක් පවත්වන ලදි.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya