මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්ගිරි පාර්ශවයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම මහනුවරදී.

    අප්‍රේල් 26, 2016
    ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අභිනව මහානායක බදුලු මුතියංගන රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතනාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ  වෙත අක්තපත්‍ර පිරි නැමීමේ පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව 2016 මැයි 17  වැනි දින පෙ.ව. 2.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්වීමට නියමිතය. 
    ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවේ අනුශාසකත්වයෙන් සහ මග පෙන්වීමෙන් අස්ගිරි විහාරයේ  පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
     
    ඒ අනුව, අතිපූජ්‍ය සංඝරත්නය පෙරටු කොටගත් රථ පෙරහරකින් අස්ගිරි‍ මහා විහාරයේ සිට ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ශ්‍රී දළදා මාළිගාව වෙත පෙරහරකින් වැඩම කොට ඓතිහාසික මගුල් මඩුව වෙත වැඩම කිරීමෙන්  අනතුරුව අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පූජෝත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පූජෝත්සවයෙන් අනතුරුව නැවතත් යටි නුවර වීදිය ඔස්සේ මහා සංඝරත්නය පෙරටු කොටගත් පෙරහර නැවත අස්ගිරි විහාරය වෙත වැඩම කිරීමට නියමිතය.
     
    අස්ගිරි මහා විහාර පාර්ශවයේ 22 වැනි මහානායක ස්වාමින් වහන්සේ ලෙස අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතනාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ  පසුගියදා අස්ගිරි පාර්ශවයේ විංසත්වර්ගික කාරක සංඝසභාවේ හිමිවරු විසින් නිතරගයෙන් තෝරාපත් කර ගනු ලැබු අතර, උන් වහන්සේ අස්ගිරි පාර්ශවයේ උරුලෑවත්ත සංඝ පරම්පරාවෙන්  බිහි වූ 10 වැනි මහ නායක හිමියෝ  වෙති.
     
    අද පැවති මෙම සාකච්ඡාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නලමේ ප්‍රදීප් නිලංග දෑල, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වසන්ත ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානයක,  බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් එන්. කොටවලගෙදර, සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් රජයේ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.
     
    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya