මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක නර්තන දින සැමරුම හා රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 29 දා

    අප්‍රේල් 25, 2016
    “2016 ලෝක නර්තන දින සැමරුම් උත්සවය හා 2015 රාජ්‍ය නර්තන  හා මුද්‍රා නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය "  අප්‍රේල් මස 29 වන දින ප.ව. 3.00 ට කොළඹ 07, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යා එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
    ප්‍රංශයේ ෂොන් ජෝර්ජ් නොවේර් නම් ලෝක ප්‍රකට නර්තන ශිල්පියා අනුස්මරණය කිරීම සඳහා  යුනෙස්කෝ සංවිධානය මගින් 1982 වර්ෂයේ දී අප්‍රේල් 29 වන දින ලෝක නර්තන දිනය ලෙස නම් කර ඇති අතර ලෝකයේ සියලුම රටවල් ලෝක නර්තන දිනය උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි. ඒ අනුව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා  රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලය  එක්ව මෙම සැමරුම් උත්සවය සංවිධානය කර ඇත.
     
    2015 රාජ්‍ය නර්තන උළෙල දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලෙස තරග වට දෙකකින් සමන්විත වූ අතර  සිංහල මාධ්‍ය උඩරට, පහත රට, සබරගමු සාම්ප්‍රදායික නර්තනය , නව නිර්මාණාත්මක හා සාම්ප්‍රදායික ජන නැටුම් ආදී තරග ශිර්ෂ යටතේ සහ දෙමළ මාධ්‍ය සාම්ප්‍රදායික භරත නැටුම් සහ නිර්මාණාත්මක නර්තන සහ ජන නැටුම් ආදී තරග ශිර්ෂ යටතේ හා 2015 රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙල , ළමා අංශය, වැඩිහිටි දිගු හා වැඩිහිටි කෙටි යන අංශයන් යටතේ පැවැත්විණි. 
     
    2016 ලෝක නර්තන දින උත්සවයේ  දී   ශ්‍රී ලාංකේය නර්තන හා මුද්‍රා නාට්‍ය ක්ෂේත්‍රයට කරන ලද අනුපමේය සේවය ට උපහාර වශයෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යාවජීව  “ නර්තන තිලක“  සම්මානයෙන් සේදරමන්, පීටර් සූරසේන හා කමලා ඥානේද්‍ර  යන මහත්ම මහත්මීන්, පිදුම් ලැබීමට නියමිත අතර “රංගාභිමානී“ සම්මානයෙන් නන්දන බාලසූරිය මහතා සහ නිලූෆ පීරිස් මහත්මිය පුද කිරීමට නියමිතයි.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya