අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාන සිනෙ චිත්‍රපටයේ වැඩ ඇරඹේ

    මාර්තු 25, 2014
    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිපදවන ත්‍රිමාන (3D) සිනමා චිත්‍රපටියේ සමාරම්භක කටයුතු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) කොළඹ දී උත්සවාකාරයෙන් ඇරඹිණි. 
     
    මෙය විද්‍යා ප්‍රබන්ධ කථාවක් ඇසුරින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන ප්‍රථම චිත්‍රපටිය වේ.
     
    පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග උපයෝගිකර ගනිමින් ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ "ඉන් ටු ද කොමට්" කතාවේ තේමාව යටතේ මෙහි තිර රචනය මහීල් පෙරේරා සහ තිලංක පෙරේරා ගෙනි. ආචාර්ය චරිත් ජයතිලක නිෂ්පාදනය කරන මෙහි අධ්‍යක්ෂණය තිලංක පෙරේරා ගෙනි. වසරක් තුළදී චිත්‍රපට‍යේ නිෂ්පාදන කටයුතු නිම කෙරේ.
     
    මෙම  ත්‍රිමාන චිත්‍රපටියේ මුහුරත් උළෙලට අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වැටුප් කොමිසමේ සභාපති රවි දිසානායක, කොළඹ සරසවියේ මහාචාර්ය චන්දන ජයරත්න, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත්, ජ්‍යේෂ්ඨ විද්‍යා මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගිවී සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya