ලෝකයේ හොඳම දූපත් අතර පළමු තැන ශ්‍රී ලංකාවට

ලෝකයේ හොඳම දූපත් අතර පළමු තැන ශ්‍රී ලංකාවට
  • SocialShare:

ජාත්‍යන්තර සංචාරක හා ගමනාන්ත ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කරන Big 7 Travel ආයතනය විසින් නිකුත් කළ 2026 වසර සඳහා වන ලෝකයේ හොඳම දූපත් (The World’s Best Islands) ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.


මෙම ශ්‍රේණිගත කිරීම සකස් කිරීමේදී සමාජ මාධ්‍ය අදහස් සහ කර්තෘ මණ්ඩලයේ ඇගයීම් පදනම් කරගත් බව එම ආයතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, විවිධත්වයෙන් යුත් සංචාරක ආකර්ෂණීය ස්ථාන, සංස්කෘතික උරුමය මෙන්ම අද්විතීය සංචාරක අත්දැකීම් මෙම ජයග්‍රහණය සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇති බවද එම ශ්‍රේණිගත කිරීමේ වැඩිදුරටත් සඳහන් වේ.