නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව මෙම මස 26 වන දින ජනතා අයිතියට පත්කිරීමට සැලසුම් කර තිබේ.
ලුණු ලේවායේ මෙහෙයුම් කටයුතු අද සමාලෝචනය කිරීම සදහා අමාත්‍ය සුනිල් හඳන්නෙත්ති මහතා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
මෙතෙක් කලක් අඩුවක්ව පැවති රජයේ කර්මාන්තශාලාවක් තුළ ලුණු නිෂ්පාදනයේදී අයඩින් එක් කිරීමේ තාක්ෂණය හා පසුකම් සහිතව නවීකරණය කරන ලද මෙම කර්මාන්තශාලාව මගින් 26 වැනිදා සිට පරිභෝජනය සඳහා ලුණු වෙළදපොලට නිකුත් කරනු ඇත.