බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි
.
අම්පාර සහ මොණරාගල දිස්ත්රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම මාතලේ, හම්බන්තොට සහ ත්රිකුණාමලය දිස්ත්රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං හමා යා හැකි බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි


