අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොවැම්බර් මාසයේ දී උද්ධමනය අඩු වෙයි

    දෙසැම්බර් 22, 2017
    ඔක්තෝම්බර් මාසයේ 8.8% ක්ව පැවති ලක්‍ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේදී 8.4% ක් දක්වා අඩු වූ බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    ඒ අනුව නොවැම්බර් මාසයේ වාර්තා වූ උද්ධමනය සඳහා ප්‍රධාන වශයෙන්  2016 නොවැම්බර් මාසයේ පොල්, සහල් සහ එළවළුවල පැවැති අඩු මිල මට්ටම් හේතු වී ඇත. මෙම වර්ෂයේ නොවැම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 6.9%ක හා ආහාර නොවන කාණ්ඩයේ 1.5%ක දායකත්වයක් පිළිවෙළින් ලබා දී ඇත. 
     
    එහෙත් 2016 නොවැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ මිළ ගණන් පහළ මට්ටමක පැවතීම නිසා එම මාසයේ මතුපිට උද්ධමනය 4.1%ක්  වූ අතර ඒ සඳහා ආහාර කාණ්ඩයේ දායකත්වය 0.7%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 3.4%ක්  විය.
     
    කෙසේ නමුත් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළවිට, 2017 ඔක්තෝම්බර් මාස‍යේ 124.8ක් වූ දර්ශක අගය 2017 නොවැම්බර් මාසයේ 126.4ක් දක්වා ඉහළ යාමක් වාර්තා විය. පසුගිය මාසය හා සංසන්දනය කල විට 2017 නොවැම්බර් මාසයේ දර්ශකාංක 1.6ක වැඩිවීමක් හෝ 1.3ක ප්‍රතිශතකාංක වැඩිවීමක් වාර්තා විය. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.95%කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.30%කින් වැඩිවීම බලපා ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya