අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔක්තෝම්බර් උද්ධමනය 8.8%ක්- මාළු, බිත්තර, කරවල මිල අඩුවෙයි

    නොවැම්බර් 22, 2017

    මෙම වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 8.8%ක් ලෙස ගණනය කර ඇති බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා සඳහන් කරයි.

    පසුගිය සැප්තැම්බර් මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 8.6%ක් වාර්තා විය. උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් 2016 ඔක්තෝම්බර් මාසයේ පොල්, සහල් සහ එළවළුවල පැවති අඩු මිල මට්ටම් හේතු වී ඇත. මෙම වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 6.4%ක හා ආහාර නොවන කාණ්ඩයේ 2.4%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත. එහෙත් 2016 ඔක්තෝම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ මිළ ගණන් පහළ මට්ටමක පැවතීම නිසා එම මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ දායකත්වය 2.3%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 2.8%ක්  විය.

    කෙසේ නමුත් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළවිට, 2017 සැප්තැම්බර් මාස‍යේ 123.3 ක් වූ දර්ශක අගය 2017 ඔක්තෝම්බර් මාසයේ 124.8ක් දක්වා ඉහළ යාමක් වාර්තා විය. පසුගිය මාසය හා සංසන්දනය කල විට 2017 ඔක්තෝම්බර් මාසයේ දර්ශකාංක 1.5ක වැඩිවීමක් හෝ 1.2ක ප්‍රතිශතකාංක වැඩිවීමක් වාර්තා විය. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 1.12%කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.08%කින් වැඩිවීම බලපා ඇත.

    ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා පොල්, එළවළු, සහල්, අමු මිරිස්, කෙසෙල්, රතුළූණු, දෙහි සහ තේ කොළ යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම බලපා ඇත. එසේ වුවත් අළුත් මාළු, බිත්තර, අර්තාපල්, අඹ, කරවල සහ කුකුල් මස් යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇත.

    පසුගිය මාසය හා සසඳන කල 2017 ඔක්තෝම්බර් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා ‘ආපනශාලා හා හෝටල්’, ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’, ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’ සහ ‘විවිධ භාණ්ඩ හා සේවා’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම වැඩිවීම බලපා ඇත. තවද ‘රෙදිපිළි හා පාවහන්’, සහ ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’ යන කාණ්ඩවල වියදම්වල වටිනාක‍මෙහි සුළු වැඩිවීමක් වාර්තා වේ. මෙම මාසය තුළ ‘සෞඛ්‍ය’, ‘ප්‍රවාහන’, ‘සන්නිවේදන’, ‘අධ්‍යාපන’ සහ ‘විනෝදාත්මක හා සංස්කෘතික’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya