චීනයේ පැවැත්වෙන “World Economic Forum 2025” - නව නායකයන්ගේ වාර්ෂික සමුළුව සඳහා සහභාගී විය.
නව රජයේ රාජ්‍ය - පුද්ගලික හවුල් ව්‍යාපෘති ආකෘතිය පිළිබඳව, වත්මන් රජය දේශපාලනික වශයෙන් දූෂණය තුරන් කිරීමට ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධව හා එම නිසා ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ නව ආයෝජන අවස්ථා මෙන්ම ව්‍යාපාරික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යහපත් ආර්ථිකමය පසුබිමක් ගොඩනැගී ඇති බව සමුළුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මීට අමතරව ශ්‍රී ලංකාවේ වත්මන් ගමන් මග සහ එහි සාර්ථකත්වය පිළිබඳව විදෙස් රටවල් වල විශේෂ අවධානයක් යොමු වූ බවද, අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේය.
මෙම සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊජිප්තුවේ ආයෝජන සහ විදේශ වාණිජ අමාත්‍ය Hassan Elkhatib මහතාද හමුවිය.
මෙම සමුළුව සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


