දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරන්තන් කෙමිකල්ස් කම්පැනි ලිමිටඩ් විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
පරන්තන් කෙමිකල්ස් කම්පැනි ලිමිටඩ්හි සභාපති සදානන්දන් නේසරාජන් (Sathananthan Nesarajan) මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමන ලදී.
පරන්තන් කෙමිකල්ස්හි සහකාර සාමාන්‍යාධිකාරි (මූල්‍ය) එස්. එන්. කේ. ගුණසේකර, අතිරේක සාමාන්‍යාධිකාරි මොහොමඩ් දිල්ශාන් සාර්දීන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


